Description
අ.පො.ස. උසස් පෙළ නව විශය නිර්දේශයට අලුතෙන් එක් කරනු ලැබූ, නූතන විද්‍යාවේ වේගයෙන් දියුණු වන ක්ෂේත්‍රයක් වන අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය පිලිබදව සම්පත් පොතට අදාළ සිද්ධාන්ත සියල්ල සරලව හා ගැඹුරින් මෙහි අඩංගු කොට ඇත.
වසර තිහකට අධික කාලයක සිට ජීව විද්‍යා දේශකයකු වන මහාචාර්ය හිරාන් අමරසේකර විසින් රචිත මෙම පොතට පූර්ණ සිද්ධාන්ත, විෂය අවබෝධය වැඩි කෙරෙන බහුවරණ සහ ව්‍යුහගත ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර දෙකක්, පිළිතුරු / ලකුණු සම්මුති හා විවරණ සහිතව ඇතුලත් කොට ඇත.
මෙම නව ඒකකය පිළිබද අඩු අවබෝධ නිසා සිසුන් උසස් පෙළ මෙම ඒකකයේ ප්‍රශ්නවලට නිසි පරිදි පිළිතුරු ලියා නොමැති බව නිරීක්ෂණය වී තිබේ. එම දුර්වලතාවය මගහැර උසස් පෙළ විශිෂ්ට සමාර්ථයක් ලබා ගැනීම සදහා මෙම පොත ඔබට මහගු අත්වැලක් වනු නිසැකය.





