• No products in the cart.

30 years of trust

වසර 30 ක ගොඩනගාගත් විශ්වාසය

වසර 30 කට වැඩි කාලයක් උසස් පෙළ සිසුන්ට ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යනය ඉගැන්වීමත් උපාධි අපේක්ෂකයින්ට සහ වෘත්තීය විභාග වලට පෙනී සිටින සිසුන්ට ව්‍යාපාර කළමනාකරණය ඉගැන්වීමත් තුළින් ලත් දැනුම අත්දැකීම් සහ පළපුරුද්ද පදනම් කරගෙන 2013 වර්ෂයේ knowledge bank ආයතනය ආරම්භ කිරීමට ලැබීම අප ලැබූ විශාල ජයග්‍රහණයකි.

මා හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගුරු උපදේශකවරුන් කොළඹ ජනප්‍රිය පාසල්වල ගුරුවරුන් සහ නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රසිද්ධ දේශකවරුන් සහභාගී කරගෙන සිසු දරුවන්ට පාසලෙන් සහ උපකාරක පන්තිවලින් ලබාදෙන අධ්‍යාපනයට අමතරව වැඩි දැනුමක් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපනයට අදාළ පොත්පත් සහ ප්‍රශ්න පත්‍ර කට්ටල සම්පාදනය කිරීම ආරම්භ කරන ලදී’

විෂය කරුණු පිළිබඳ හොඳ දැනුමක් පාසලෙන් සහ උපකාරක පන්තිවලින් ලබා ගත්තත් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව ඉතා පහළ මට්ටමක පවත්නා බැවින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව දියුණු කර විභාග ඉලක්ක ජය ගැනීම සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ශ්‍රී ලංකාවේ පළාත් 9 ට අදාල ප්‍රශ්න පත්‍ර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිකුත් කර ඇත’

පසුගිය වසර කීපය තුළ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වූ අය knowledge bank ආයතනයේ ප්‍රශ්න පත්‍ර පරිශීලනය කිරීම ඔවුන්ගේ ජයග්‍රහණයට හේතු වූ බව ප්‍රකාශ කිරීම අපට නිහතමානි සතුටකි’ අද වන විට වෙළෙඳ පොළෙන් සියයට 65 ක කොටසක් knowledge bank ආයතනයට අත්පත් කර ගැනීමට හැකි වී ඇත්තේ නිවැරදිව ඉහළ ගුණත්වයෙන් යුත් දරුවන්ගේ අවශ්‍යතාවයන් ඉහළින්ම සපුරාලීමට හැකි වූ නිසාය’

2021 වසරේ zoom තාක්ෂණය සහ online ක්‍රමය පාසල් සිසුන් අතර ජනප්‍රිය වීම නිසා online ක්‍රමය හරහා ඔවුන්ට පහසුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වීම සඳහා Knowledgebankacademy.lk වෙබ් අඩවිය ආරම්භ කරන ලදී.

1 ආදර්ශ ප්‍රශ්න පත්‍ර” ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පාසල් ප්‍රශ්න පත්‍ර” ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ප්‍රශ්න පත්‍ර” පසුගිය විභාග ප්‍රශ්න ප්‍රශ්න පත්‍ර නොමිලේ download කරගැනීමට අවස්ථාව ලබාදීම’

2 සිසුන්ට කාලය කළමනාකරණය කරගෙන ඔන්ලයින් ක්‍රමයට MCQ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියා ඉදිරිපත් කළ පසු එම මොහොතේදීම ඔවුන් ලබා ගත් ලකුණු ප්‍රමාණය ලබා දී ඇගැයීට ලක් කිරිම.

3 ඔන්ලයින් ක්‍රමයට අපගේ ප්‍රකාශන මිලදී ගැනීමට අවස්ථාව ලබාදීම’

4 වැදගත් පාඩම් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර videos මගින් ඔබ හට ලබාදීම.

5 විවිධ පාඨමාලාවන් හැදෑරීමට අවස්ථා ලබා දී තිබීම’

6 Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව දේශන වලට සවන්දීම’

7 උසස් පෙළ විභාගයෙන් පසු ඔබ කළ යුත්තේ කුමක්ද යන්න ඔබට මඟ පෙන්වීමක් කිරීම’

Help & Support

Use the Knowledge Bank Academy Help Center as your resource for tips, troubleshooting and guides on how to get the most out of Knowledge Bank Academy Tools. 

Contact support via phone or email if you need additional assistance on anything related to our services. 

Join us on Social Media

Find out what Knowledge Bank Academy is really like, talk online with our students. Exciting things out there!